වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරට රුවන් ගුණසේකර

වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරට රුවන් ගුණසේකර

වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පෞද්ගලික අවශ්‍යතාවක් මත විදෙස්ගත වීම හේතුවෙන් රුවන් ගුණසේකරව පත් කර ඇති බවටයි වාර්තා වන්නේ.

නියෝජ්‍ය පොලිස්පති තල්දුව නැවත දිවයිනට පැමිණි පසු නැවත පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරනු ඇති බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරන්නේ.