හිටපු ජනපතිගේ අලුත් රංගනය

හිටපු ජනපතිගේ අලුත් රංගනය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ විශේෂ හමුවක් අද (26) දිනයේදී අතුරුගිරියේ පිහිටි නිදහස් පක්ෂ මැතිවරණ මෙහෙයුම් කාර්‍යාලයේ පැවති අතර, මේ සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහභාගි වුණේ ත්‍රිරෝද රථයකින්.

එහිදී මේ පිළිබඳව මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසූ අතර, ඔහු සඳහන් කළේ මැතිවරණ නීති ක්‍රියාත්මක වී තිබෙන හෙයින් එම නීතිවලට ගරු කරමින් රජයේ වාහන භාවිතා නොකර තමා මෙලෙස ත්‍රිරෝද රථයකින් පැමිණි බවයි.

එමෙන්ම, ඔහු සඳහන් කළේ මැතිවරණ නීති සඳහා සියල්ලන්ම අවනත වීම යහපත් ක්‍රියාවක්ද වන බවයි.

මෙම ආසන සංවිධායකවරුන්ගේ විශේෂ හමුව සඳහා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂද සහභාගි වුණා.