අවසන් සටනට ගිය අපේ සිංහ කෙල්ලෝ

අවසන් සටනට ගිය අපේ සිංහ කෙල්ලෝ

ආසියානු කුසලාන අවසාන පූර්ව වටයේ ශ්‍රී ලංකා – පාකිස්ථාන කණ්ඩායම් අතර ඊයේ (26) පැවැති තරගයේ ජය වාර්තා කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ පාකිස්ථානය කඩුළු 03කින් පරාජයට පත් කරමින්.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වූ අවසන් පූර්ව වටයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 04ක් දැවී ලකුණු 140ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට පාකිස්ථානයට ආරාධනා කිරීම හේතුවෙන්.

Gull Feroza ලකුණු 25ක්ද, Muneeba Ali ලකුණු 37ක්ද, නායිකා Nida Dar ලකුණු 23ක්ද, Sidra Amin ලකුණු 10ක්ද, Fatima Sana නොදැවී ලකුණු 23ක්ද, Aliya Riaz නොදැවී ලකුණු 16ක්ද ‍රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උදේෂිකා ප්‍රබෝධානි සහ කවීෂා දිල්හාරි කඩුලු 02 බැගින්ද රැස් කිරීමට සමත් වුණා.

අනතුරුව ලකුණු 141ක ජයග්‍රාගී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා පිලට පන්දුවාර 19යි පන්දු 05ක් අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 141ක් රැස් කරගනිමින් ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී නායිකා චමරි අතපත්තු ලකුණු 63ක්ද, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 12ක්ද, කවීෂා දිල්හාරී ලකුණු 17ක්ද, අනුෂ්කා සංජීවනී නොදැවී ලකුණු 24ක්ද රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී පාකිස්ථාන කණ්ඩායමේ Sadia Iqbal කඩුළු 04ක්ද, Omaima Sohail, Nida Dar එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.

ඒ අනුව ආසියානු කුසලාන අවසන් මහා තරගය එළඹෙන 28 වෙනිදා ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

COMMENTS