ගෝඨාභය එලවපු ජනතාව රනිල්ට නටන්න ඉඩ දෙන් නෑ – ස්ටාලින්

ගෝඨාභය එලවපු ජනතාව රනිල්ට නටන්න ඉඩ දෙන් නෑ – ස්ටාලින්

ගෝඨාභය රාජපක්ෂව එලවපු ජනතාව අද රටේ සිටින බවත් ඔවුන් කවදාවත් රනිල් වික්‍රමසිංහට පිස්සු නටන්න ඉඩ නොදෙන බව ජෝසෆ් ස්ටාලින් පවසනවා.

ඔහු අද (27) කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිටියේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් අධිකරණය ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කිරීම සම්පුර්ණයෙන්ම හෙලා දකින බවයි.

එමෙන්ම පුළුවන්නම් දේශබන්දු තෙන්නකෝන්ව පුළුවන්නම් තවදුරටත් පොලිස්පති තනතුරේ තබා ගන්න යැයි අභියෝග කර සිටින බව හෙතෙම කියා සිටියා.

රනිල් රාජපක්ෂ ආණ්ඩුව මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැතිකරමින් සිටින බව වැඩි දුරටත් කියා සිටියා.

COMMENTS