තෙල් මිල පහළට

තෙල් මිල පහළට

ලෝක වෙළදපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළ මට්ටමක පවතිනවා.

ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.43%කින් පහළ ගොස් තිබෙනවා.

මේ වනවිට එම තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 77.16ක් ලෙසටයි.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81.13ක් ලෙස දැක්වෙනවා. එය 1.51%ක පහළ යෑමක්.