දුම්රිය මාර්ගයේ බිංගෙවල් පරික්ෂාවට

දුම්රිය මාර්ගයේ බිංගෙවල් පරික්ෂාවට

උඩරට දුම්රිය මාර්ගයේ බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ කටයුතු ආරම්භ කොට ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අනූව නාවලපිටිය සිට බදුල්ල දක්වා පිහිටි දුම්රිය බිංගෙවල් පරීක්ෂාවට ලක්කරන බවයි පැවසෙන්නේ.

තවත් බිංගෙවල් 16ක් පරික්ෂාවට ලක්කිරීමට තිබෙන අතර දුම්රිය මාර්ගවල මෙවැනි බිංගෙවල් 48 තිබෙන බව සඳහන්.

වාර්ෂික බිංගෙවල් පරීක්ෂණය ‍යටතේ ජල කාන්දු වීම, ඉරිතැලීම්, බිංගෙයි බිත්ති දුර්වල වීම මෙන්ම බිංගෙය තුල දුම්රිය මාර්ගයේ වෙනස් වීම, තාක්ෂණික දෝශ ආදියට අවශ්‍ය තාක්ෂණික ක්‍රියා මාර්ග හා පිළියම් යොදන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

COMMENTS