යුරෝපා සංගමය තුළ LTTE තහනම දිගුවෙයි

යුරෝපා සංගමය තුළ LTTE තහනම දිගුවෙයි

යුරෝපා සංගමය තුළ එල්ටීටීඊ සංවිධානයට පනවා ඇති තහනම තවත් මාස හයක් සදහා දිර්ඝ කෙරුණා.

තහනම දීර්ඝ කිරිම ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක බව විදේශ අමාත්‍යාංශය සදහන් කරනවා.

යුරෝපා සංගමයේ පොදු ස්ථාවරය යටතේ තහනම් පුද්ගලයින්, කණ්ඩායම් සහ ආයතන ලැයිස්තුව යාවත්කාලීන කරමින් එල්ටීටීඊ සංවිධානයට පනවා ඇති තහනම මෙසේ දීර්ඝ කෙරුණා.

ඒ අනුව තහනම් කළ පුද්ගලයින් කණ්ඩායම් හෝ ආයතන යුරෝපා සංගමයේ සාමාජික රටවලින් අරමුදල් රැස් කිරීම වත්කම් ඉපැයීම හෝ සම්පත් රැස් කිරීම තහනම් වනවා.

COMMENTS