බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හරී – තත්ත්වයත් සාමකාමී

බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හරී – තත්ත්වයත් සාමකාමී

බංග්ලාදේශයේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

විරෝධතාකරුවන් මීට පෙර අවසන් නිවේදනය ලබාදී තිබුණේ පාර්ලිමේන්තුව පස්වරු 03 ට විසුරුවා හැරිය යුතු බවටයි.

මේ අතර විරෝධතාවට එක්වූ ශිෂ්‍ය ප්‍රජාව අද එරට හමුදා ප්‍රධානියා හමුවීමට නියමිත අතර, හමුදාව ප්‍රමුඛ රජයක් පිළිනොගන්නා බවත් මීට පෙර පෙන්වා දී තිබුණා.

මසකට අධික කාලයක් බංග්ලාදේශ රජයට එරෙහිව එල්ල වූ ජනතා විරෝධය ඊයේ අවසන් වුණේ ෂෙයික් හසීනා අගමැතිනිය සිය වසර 15ක අඛණ්ඩ පාලනය අතහැර ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟයි.

ඇය ඉන්දියාවට පලාගිය අතර, මේ වනවිට එරට ආරක්ෂිත ස්ථානයක රඳවා සිටින බවද වාර්තාවනවා.

මේ අතර පසුගිය දිනවල ප්‍රචන්ඩකාරී තත්වයක් නිර්මාණය වී තිබූ බංග්ලාදේශයේ අද (06) දිනයේ සාමකාමී වාතාවරණයක් පවතිනවා.

මෙහිදී පාසල්වල කටයුතු සහ ජනජීවිතයේ එදිනෙදා කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම එරට ගුවන් ගමන් කටයුතු ද මේ වනවිට යථා තත්වයට පත්ව තිබෙනවා.

මේ අතර පැවති විරෝධතාවලින් අනතුරුව ශිෂ්‍ය ප්‍රජාව විසින් පාර්ලිමේන්තුව සහ අවට මාර්ග පිරිසිඳු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

https://shorturl.at/SaaUY

COMMENTS