ඖෂධ 52ක හිඟයක්
රජයේ රෝහල්වල ඖෂධ පනස් දෙකක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඖෂධ මේ වන විට ඇනවුම් කර ඇති අතර හිඟ ඖෂධ සඳහා ආදේශක ඖෂධ පවතින බවයි.
ජීවිත ආරක්ෂක ඖෂධ සියල්ල රෝහල්වල ඇති බවත් පැවසූ අමාත්‍යවරයා බෝනොවන රෝග පාලනයට ජාතික මධ්‍යස්ථානයක් ඇති කිරීමට කටයුතු කරන බවයි වැඩිදුරත් ප්‍රකාශ කළේ.