රනිල්ට මහ බැංකු හොරා කියපු අය අද ඔහු ලඟ නිදා ගෙන ඉන්නවා

රනිල්ට මහ බැංකු හොරා කියපු අය අද ඔහු ලඟ නිදා ගෙන ඉන්නවා

එදා රනිල් වික්‍රමසිංහට මහ බැංකු හොරා කියපු අය, අද ඔහු ලඟ නිදා සිටින බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සමාජික සුනිල් හදුන්නෙන්ති පවසනවා.

ඔහු මේ අදහස් දක්වා ඇත්තේ පෙරේදා (07) නුවරඑළිය නගරයේ පෞද්ගලික හෝටලයකදී පැවැති උත්සව අවස්තාවකට එක්වෙමින්.

එදා මහ බැංකු හොරා කියපු අය ඒ කටවල්වලින්ම පහුගිය කාලේ කැටයම් දාලා රනිල් වික්‍රමසිංහව වීරයෙක් කළ බවද ඔහු සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් හඳුන්නෙත්ති,

“රනිල් මැයි පළවෙනිදා කියනවා කම්කරුවන්ගේ පඩි වැඩි කරනවා කියලා. අද කියනවා එහෙම එකක් කිව්වේ නෑ කියලා.

දෙන්නං කියද්දිත් අහිංසක මිනිස්සු අත්පොඩි ගහන්න ඕන. බෑ කියද්දිත් අත්පොඩි ගහන්න ඕන. මේක තමා රටේ මිනිස්සුන්ගේ ඉරණම. එදා කිව්වා හොරු සෙට් එක එකට ඉන්නකොට අපි කවුරුත් අරගලේට ගැහුවේ නෑ කියලා. ඒත් අද කියනවා ගහන්න කිව්වේ කවුද පොලු ගෙනිච්චේ කොහොමද ගැහුවේ කොහොමද කියලා.

අද අපි දැක්කා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එයාලගේ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ ඉදිරිපත් කරලා රට්ටු හිනස්සන කතාවක් කියනවා.

ඒ තමයි අරගලෙන් ඉල්ලුවේ තරුණයෙක් ඔන්න අපි තරුණයෙක් දුන්නා එයාව ජනාධිපති කරගන්න කියලා. එදා අරගලය කරපු දේශ හිතෛෂී ප්‍රජාව කිව්වේ ගෝඨා ගෝ හෝම් රාජපක්ෂ ගෝ හෝම් කියලා. එතන කොතනකදිවත් කිව්වේ නෑ නාමල් කම් කම් කියලා.” යනුවෙන්

COMMENTS