ගිණි අවිය උදුරන්න ගිහින් වෙච්ච වැඩේ

ගිණි අවිය උදුරන්න ගිහින් වෙච්ච වැඩේ

පොලිස් නිලධාරියෙකු අත තිබූ ගිණිඅවිය උදුරා ගැනීමට තැත්කළ පුද්ගලයෙකු එම ගිණිඅවිය ක්‍රියාත්මක වීමෙන් වෙඩි වැදී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද අළුයම 1.30ට පමණ සීදුව කොටුගොඩ ප්‍රදේශයේදීයි මෙය සිදුව තිබෙන්නේ.

මෙම මුරපොළේ පොලිස්කොස්තාපල්වරයෙකු හා සාජන්වරුන් දෙදෙනෙකු රාජකාරියේ නිරතව සිට තිබෙනවා.

පොලිස් මාර්ග බාධකය පසුකර යාම සදහා වේගයෙන් පැමිණි මෝටර් රථයක් නතර කරන ලෙසට පොලිසිය අණ කළා.

කෙසේ වුවද එම රථය නතර කිරීමත් සමඟ එහි ගමන් කළ පුද්ගලයන් 4 දෙනෙකු පරීක්ෂා කිරීමට ක්‍රියාකළ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

ඔවුන් බීමත්ව සිට තිබෙනවා.

මෙසේ පරීක්ෂා කිරීමට එරෙහි වු අයෙකු පොලිස් නිලධාරියාගේ ගිණිඅවිය උදුරා ගැනීමට උත්සහ දැරීමත් සමඟයි ගිණිඅවිය ක්‍රියාත්මක වීමෙන් මෙසේ වෙඩි වැදී ඇත්තේ.

සිද්ධියෙන් ඔහු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ .

පොලිස් නිලධාරියෙකු ද සිද්ධියෙන් තුවාල ලැබුවා.

ඒත් සමඟම මෝටර් රථයේ සිටි අනෙක් තුන්දෙනා පළා ගිය බවයි වාර්තා වන්නේ.

මෙසේ මිය ගොස් ඇත්තේ පූගොඩ බංගලාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

COMMENTS