රුසියාවේ අභ්‍යන්තරයේ ගුවන් හමුදා කදවුරකට යුක්රේනයෙන් ප්‍රහාරයක්
රුසියාව අභ්‍යන්තරයේ පිහිටි ගුවන් හමුදා කදවුරකට පහර දුන් බව යුක්රේනය පවසනවා.
යුක්රේන හමුදා සදහන් කළේ සිය දේශ සීමාවේ සිට කිලෝමීටර් 350ක් දුරින් පිහිටි මෙම කදවුරට ප්‍රහාර එල්ල කළ බවයි.
මීට දින 02 කට පෙර යුක්රේන හමුදා සෙබලුන් 1000කට වැඩි පිරිසක් සහ සන්නද්ධ රථ රුසියාවේ කර්ස්ක් කලාපයට ඇතුළු වී තිබූ අතර එහිදී ඇති වූ ගැටුම් වලින් යුක්රේන හමුදාවේ 300 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.