ඇෆ්ගන් පකිස්ථාන් හමුදා ගැටුමක්

පාකිස්තාන සහ ඇෆ්ගනිස්තාන හමුදා අතර දේශසීමාවේ දී ඇතිවූ වෙඩි හුවමාරුවකින් ඇෆ්ගන් සිවිල් වැසියන් තිදෙනෙක් මියගොස් තිබේ.
තලිබාන් ප්‍රකාශකයෙක් ඒ බව පැවසූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.
දෙරටේ දේශසීමාවේ පිහිටා ඇති Torkham නම් ප්‍රදේශයේදී එම ගැටුම සිදුවී තිබුණි.
තලිබාන් ප්‍රකාශකයා පවසා ඇත්තේ පාකිස්තාන හමුදා ප්‍රහාරයෙන් කාන්තාවක් සහ දරුවන් දෙදෙනෙක් මියගොස් ඇති බවයි.
මේ අතර පාකිස්තාන හමුදා ප්‍රකාශකයෙක් පැවසුවේ ඉන් සිය හමුදා භටයින් තිදෙනෙක් තුවාල ලැබූ බවයි.