වෙඩි තැබීමක් – පුද්ගලයෙක් මරුට
ශ්රී පුර පොලිස් වසමේ ගැමුණුපුර පුල්ලෙයාර් හන්දියේදී අද (16) අළුයම පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර ඔහු වෙඩි තබා පලා ගොස් ඇති බවයි ශ්රී පුර පොලිසිය සඳහන් කළේ.
වෙඩි ප්රහාරයට ලක්වූ පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 26ක් වන කාවන්තිස්සපුර, ශ්රී පුර ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම වෙඩි තැබීම ටී 56 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන සිදු කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
මේ අතර පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්රී පුර පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනවා.