දිස්ත්‍රික්ක 4කට පූර්ව නායයාමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 4කට පූර්ව නායයාමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 04කට, ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය විසින් ඇම්බර් වර්ණයෙන් යුත් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

අද අළුයම 5.00ට නිකුත් කර ඇති එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බලාත්මකයි.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ – නෙළුව, යක්කලමුල්ල, නාගොඩ සහ ඇල්පිටියටත්, කළුතර දිස්ත්‍රික්කයේ – බුලත්සිංහල, හොරණ, මතුගම සහ ඉංගිරිය යන ප්‍රදේශවලටත්, මාතර දිස්ත්‍රික්කයේ – පිටබැද්දරට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ – රත්නපුර, ඇලපාත, කලවාන, ඇහැලියගොඩ සහ කුරුවිට යන ප්‍රදේශවලට දෙවන මට්ටම අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

එමෙන්ම කහ වර්ණයෙන් යුත් පළමු මට්ටම අනතුරු ඇඟවීමේ නිවේදන කළුතර දිස්ත්‍රික්කයේ – පාලින්දනුවර සහ වලල්ලාවිට ප්‍රදේශවලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ – වරකාපොළ, යටියන්තොට, කෑගල්ල, දැරණියගල සහ දෙහිඕවිට යන ප්‍රදේශවලටත් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

මාතර දිස්ත්‍රික්කයේ – අතුරලිය ප්‍රදේශයට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ – පැල්මඩුල්ල සහ නිවිතිගල යන ප්‍රදේශවලටද පළමු මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

COMMENTS