කොළඹ පාරක් වැසෙයි
කොළඹ නගර සභාව විසින් දැනුම්දීමක් සිදු කර තිබෙනවා.
ඒ බොරැල්ල පොලිස් වසමේ පාර්ලිමේන්තු පාර මොඩල්ෆාම් හංදිය සහ ඩී.එස්. හංදිය අසල ටිකල් පාර ආසන්නයේ මාර්ගය ගිලා බැසීමක් සම්බන්ධයෙන්.
ඒ හේතුවෙන් එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දින 20ක කාලයක් ගත වනවා.
මේ හේතුවෙන් කොළඹට ඇතුළුවන මංතීරු දෙකම වසා දමා සංවර්ධන කටයුතු සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ, අනුව එම මාර්ගයේ රථවාහන ගමනාගමනය නැවත දැනුම් දෙන තුරු දිනපතා උදෑසන 05.30 සිට උදෑසන 11.00 දක්වාත්, රාත්රී 11.00 සිට පසුදින අළුයම 05.30 දක්වාත් සැලසුම් දෙකක් යටතේ රථ වාහන ධාවනය ක්රියාත්මක බව පොලිසිය දැනුම් දෙනු ලබනවා.