උද්ධමනය චුට්ටක් ඉහළට

උද්ධමනය චුට්ටක් ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට වාර්ෂික උද්ධමනය 2024 ජුලි මාසයේදී 2.5% දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

2024 ජුනි මාසයේදී එය සටහන් වූයේ 2.4%ක් ලෙසය.

2024 ජුනි මාසයේදී 1.9%ක් ලෙස සටහන් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය 2024 ජුලි මාසයේදී 2.9% දක්වා ඉහළ ගොස් තිබේ.

ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජුනි මාසයේදී වාර්තා වූ 2.7%ට සාපේක්ෂව 2024 ජුලි මාසයේදී 2.2% දක්වා පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ජුනි මාසයේදී 7.5%ක් ලෙස සටහන් වූ ප්‍රවාහන උප කාණ්ඩයේ උද්ධමනය 2024 ජුලි මාසයේදී 4.9% දක්වා පහත වැටී තිබේ.

ජුනි මාසයේදී 1.7%ක් ලෙස පැවති සෞඛ්‍ය උප කාණ්ඩයේ උද්ධමනය 4.0% දක්වා ඉහළයාම ද කැපී පෙනෙයි.

COMMENTS