ඡන්දය ප්‍රකාශ කරන හරිම විදිහ මෙන්න
මැතිවරණ සමය සහ මාධ්‍ය නීති මැයෙන් නීතිඥ ජගත් ලියනාරච්චි විසින් රචිත ග්රන්ථයක් එළිදැක්වීමේ උත්සවය ඊයේ (20) කොළඹදී පැවැත්වුණා.
ඒ සඳහා මැතිවරණ කොමිසම සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජනය කරමින් නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.
මේ පිළිබඳව අදහස් දක්වමින් මැතිවරණ කොමිසන් සභාවේ කොමසාරිස් ජනරාල් වැඩි දුරටත් දැක්වූ අදහස්
”අපි දන්නවා මේ මොහොතේ රටේ ප්‍රධානියා තෝර ගන්න ඡන්ද විමසීම පැවැත්වෙන අවස්ථාව. එතකොට ඒ පුද්ගලයා තෝරා ගැනීමේ මේ අවස්ථාවේ, මම විශ්වාස කරනවා වඩාත් සුජාත භාවයකින් තිබිය යුතුයි කියලා. මොනයම් හෝ ආකාරයක් තුළ ජයග්‍රහණය කිරීම නෙමෙයි වැදගත් වෙන්නේ. ජයග්‍රහණය කරන ක්‍රමය කුමක්ද කියන එක සම්බන්ධයෙන්.
අපිට ඕන විදියට ඡන්ද පත්‍රිකා සකස් කරන්න බැහැ. අපේක්ෂකයන් තුනකට වැඩි සංඛ්‍යාවක් ඉන්නවා නම්, ඡන්දදායකයන්ට අවස්ථාව තියෙනවා, එක ඉලක්කමෙන් ඡන්දයක්, දෙක සහ තුනෙන් මනාප ලකුණු කිරීමත් කරන්න. නීතියේ තියෙන විදියට අපි මේ සියලුම අවශ්‍ය පහසුකම් සැලසීම කරලා තියෙන්නේ. ඒ හින්දා බොහෝ දෙනෙක් මේ කතිර ලකුණ පාවිච්චි කරනවා. එතකොට ඒ නිසාම අපි සෑම මැතිවරණයකදිම අරාබි ඉලක්කම් එක සමානයි. කතිරය. ඒ කියන්නේ කතිරය සහ දෙකම අපි ඡන්දය විදිහට භාර ගන්නවා. යම්කිසි ආකාරය පළමු වටයෙන් සියයට පනහත් එක ඡන්දයක් ආවේ නැත්නම් අපිට සිද්ධ වෙනවා මනාප ගණන් ගන්න. මනාප ගණන් කරද්දී මේ දෙක සහ තුන කියන මනාප දෙකට ම තියෙන එක හා සමාන වටිනාකමක් මනාප. හැබැයි එක ම දේ යම්කිසි කෙනෙක් මේ දෙක සහ තුන කියන මනාප දෙකම තරඟයේ ඉන්න අපේක්ෂකයෝ දෙන්නට තිබ්බොත් අපිට දෙක කියන එක තමයි අරගන්න වෙන්නේ. ඒ දෙක කියන මනාපය අරගෙන දානවා ඒ අපේක්ෂකයාට. මනාප ගණන් කිරීමක් වුණායින් පස්සේ ඒක ඡන්දයක් බවට පත් වෙනවා. වලංගු ඡන්ද සංඛ්‍යාව කියලා කියන්නේ අන්තිමටම තරඟයේ ඉන්න අපේක්ෂකයෝ දෙන්නගේ සමස්ත ඡන්ද සංඛ්‍යාවේ එකතුව. ඒකෙන් සීයට පනහට වඩා එකක් ගත්ත කෙනෙක් ජයග්‍රාහකයා වෙනවා.කතිරය සහ දෙක තුන කිව්වොත් එහෙම කතිරය ගහන්න පුළුවන් එකට එක ලියන එකේ කිසි ගැටලුවක් නෑ. . මේ ඡන්දෙදි එක, දෙක, තුන හැර වෙනත් ඒවා පාවිච්චි කරන්න එපා කියන්නේ මේක හඳුනාගැනීමේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. අනිත් එක එක කතිරයක් ගහලා ඒකටත් මනාපෙට කතිර දෙකක් ගහලා දෙවෙනි මනාපෙත් මනාප තුනක් ගහලා තුන්වෙනි මනාපෙත් ඒකත් අපි භාරගන්නේ නෑ. එක ම කතිරය විතරයි භාරගන්නේ. ඒක ගන්නේ ඡන්දයක් විදිහට. තනි එක්කෙනෙකුට නම් කතිරය තනි එක්කෙනෙකුට නම් එක හරි කතිරය හරි ගහන්න පුළුවන්” යනුවෙන්