මෙවර නාමල් අන්ත පරාජයක් ලබනවා – එස්.බි
මෙවර ජනාධිපතිවරණය සඳහා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ අපෙක්ෂක වශයෙන් ඉදිරිපත් කර ඇති නාමල් රාජපක්ෂ අන්ත පරාජයක් ලබන බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම එස්.බි දිසානායක පවසනවා.
ඔහු ඒ බව කියා සිටියේ අද (22) ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් මස්කෙළිය ආසනයේ ඒකාබද්ධ බල මණ්ඩල රැස්වීම, ගිනිගත්හේන සමුපකාර උත්සව ශාලාවේ පැවති අවස්තාවේ දී.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.බි දිසානායක සඳහන් කළේ, මෙවර ජනාධිපතිවරණයේ දී ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පුර්ණ සහයෝගය ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහට ලබාදෙන ලෙස හිටපු ජනාධිපති ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කළ බවයි.
තමන් කළ ඉල්ලිමට ප්‍රතිචාර දක්වමින් මහින්ද රාජපක්ෂ එදින රැස්විමට පැමිණ සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හමුවේ රනිල් වික්‍රමසිංහට පීඩනයක් ලබාදිය යුතු බවට ප්‍රකාශ කල බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ අපෙක්ෂකයා වශයෙන් ව්‍යාපාරික ධම්මික පෙරේරා විශාල මුදලක් රැගෙන මැතිවරණයට සුදානම් වු බවත්, එම මුදල්වලට කෑදරකමින් බැසිල් රාජපක්ෂ කටයුතු කළ බවත් ඔහු පවසා සිටියා.
නාමල් රාජපක්ෂ මෙම මැතිවරණය සදහා තවමත් පරිපුර්ණ නොවන බවට තමන් පවසා සිටි බවත්, ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රිවරුන් විශාල පිරිසක් ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට එකඟතාවය පළ කිරීමත් සමග ව්‍යවසායක ධම්මික පෙරේරා “මම පරදින්න ජන්දය ඉල්ලන්නේ නෑ” යනුවෙන් පවසමින් ඉවත් වු බවයි එස්.බි දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ.