ගුවන් යානයකට බෝම්බ තර් ජනයක්

ගුවන් යානයකට බෝම්බ තර් ජනයක්

මුම්බායි සිට පැමිණි එයාර් ඉන්දියා ගුවන් යානයකට බෝම්බ තර්ජනයක් එල්ල වීමත් සමඟ අද (22) තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පූර්ණ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මගීන් 135 දෙනෙකු සමඟ ගුවන් යානය පෙරවරු 8ට පමණ ආරක්ෂිතව ගුවන් තොටුපළට ගොඩ බස්වා ඇති අතර, 8.44 වනවිට සියලුම මගීන් ආරක්ෂිතව ගුවන් යානයෙන් ඉවත් කළ බව ගුවන් තොටුපල ආරංචි මාර්ග පවසන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්පසු ගුවන් යානය හුදකලා ප්‍රදේශයකට ගෙන ගිය බවයි සඳහන් වෙන්නේ.

පෙරවරු 7.30ට යානය තිරුවන්තපුරම් ගුවන් තොටුපළ වෙත ළඟා වනවිට මෙම බෝම්බ තර්ජනය පිළිබඳව නියමුවා විසින් දැනුම් දී ඇති බව මාධ්‍ය වාර්තා කරනවා.

ඉන් අනතුරුව පෙරවරු 7.36ට ගුවන් තොටුපළේ පූර්ණ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ බව පැවසේ.

මේ හේතුවෙන් ජීවිතවලට කිසිඳු බලපෑමක් සිදු වී නොමැති බවත්, ගුවන් තොටුපළ මෙහෙයුම් මේ වනවිට බාධාවකින් තොරව සිදුවන බවත්, ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

https://rb.gy/4yj8pr