රටේ ඡන්දවලින් 95%ක් පාවෙන ඡන්ද බවට පත්විය යුතුයි
මෙවර ජනාධිපතිවරණයේ දී ජනතාව සිය ඡන්දය ලබාදිය යුත්තේ අභියෝග භාරගතහැකි කාර්ය ශුර පුද්ගලයෙකුට පමණක් බව ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
නාවලපිටිය බස් නැවතුම්පලේ පැවති රැස්වීමකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළා.
රට ඉදිරියට යාමට නම් ඡන්ද වලින් සියයට 95ක් පාවෙන ඡන්ද බවට පත්විය යුතු බවයි සරත් ෆොන්සේකා මහතා එහිදී ප්රකාශ කළේ.