වී සඳහා සහතික මිලක් දෙනවා – සජිත්

වී සඳහා සහතික මිලක් දෙනවා – සජිත්

පොහොර අඩු මිලට සහ වී සඳහා සහතික මිලක් ලබාදෙන, ගොවි ණය කපාහරින යුගයක් වෙනුවෙන් සමගි ජන බලවේගය හා එක්වන්නැයි ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගොවි ජනතාවට ආරාධනා කළා.

කිව් ආර් ක්‍රමවේදය යොදා ගනිමින් ගොවි, ධීවර, ත්‍රි රෝද රථ, පාසල් ප්‍රවාහන සහ වී මෝල් හිමියන්ට, ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කෙරෙන ජන රැළි මාලාවේ තවත් ජන රැළියක් පොළොන්නරුව හිගුරක්ගොඩ දී පැවැත්වුණා.

සමගි ජන බලවේගයේ තවත් නියෝජිතයින් රැසක් එහිදී ගොවි ජනතාව ඇමතුවා.

මේ අතර ජාතික ජන බලවේගයේ මාලිගාවත්ත කාන්තා සමුළුව පී ඩී සිරිසේන ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා.

ඒ ගැහුණු බලය එක මිටකට යන තේමාවෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු නියෝජිතයින් රැසක් මෙම සමුළුවට එක්ව සිටියා.

COMMENTS