හිටපු අමාත්‍ය ෆවුසිට වසර 10කට අත්හිටවූ වසර 02ක සිර දඬුවම්
අමාත්‍යවරයෙකුව සිටියදී රජයට අයත් මෝටර් රථයක් පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම ඇතුලු චෝදනා 4 කට වරදකරු කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසිට කොළඹ මහාධිකරණය විසින් වසර 02 ක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කෙරුණා.
එම දඩුවම වසර 10 ක කාලයකට අත්හිටවූ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ, රුපියල් ලක්ෂ 4 ක දඩයක් ගෙවන ලෙසයි මන්ත්‍රීවරයාට නියෝග කළේ.
2010 වසරේදී ආපදා කළමණාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිියදී රුපියල් කෝටි 2 කට අධික වටිනාකමකින් යුත් මෝටර් රථයක්, සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම, ඒ සදහා අමාත්‍යාංශ ලේකම්වරිය ඇතුලු නිලධාරීන් පෙළඹවීම මෙන්ම මෝටර් රථයේ නඩත්තු සදහා රුපියල් ලක්ෂ 10 කට ආසන්න මුදලක් අමාත්‍යාංශ මුදලින් වැය කිරීම ඇතුලු අධි චෝදනා 4 ක් යටතේ ඔහුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණා.
වරද පිලිගැනීම හේතුවෙනුයි ඔහුට මහාධිකරණය මෙම දඩුවම ලබා දුන්නේ.