තෙල් මිල ඉහළට

තෙල් මිල ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යෑමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වනවා.

ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර පවතින යුද ගැටුම් හේතුවෙන් තත්ත්වය උද්ගතව තිබෙන බවයි පැවසෙන්නේ.

ඉකුත් (26) වැනිදා වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 79.54 දක්වා 0.66% කින් සහ අමෙරිකානු ටෙක්සාස් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 75.34 දක්වා 0.68% කින් ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා ක‍රනවා.

සතියකට පසුව ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල මෙතරම් වැඩි වූ පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

COMMENTS