අසිත ප්‍රනාන්දුට ලෝඩ්ස් ගෞරව පුවරුවේ ස්ථානයක්

අසිත ප්‍රනාන්දුට ලෝඩ්ස් ගෞරව පුවරුවේ ස්ථානයක්

ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 427ක් ලබා ගත්තා.

මේ අතරම පළමු ඉනිමේ කඩුළු පහක් ලබා ගැනීමට සමත් වූ අසිත ප්‍රනාන්දු ලෝඩ්ස් ගෞරව පුවරුවේ ස්ථානයක් හිමි ගැනීමට සමත් වුණා.

ඒ ලකුණු 102ට කඩුළු 5ක් ලබා ගනිමින්.

මෙම ගෞරවනීය අවස්ථාව හිමිවන්නේ ලෝර්ඩ්ස් පිටියේදී ටෙස්ට් තරගයකදී හෝ සීමිත ඕවර තරගවලදී ශතකයක් රැස් කළ, එක් ඉනිමකදී කඩුලු 5ක් දවාගත් හෝ තරගයකදී කඩුලු 10ක් දවාගත් ක්‍රිකට් ක්‍රීඩකයන්ටයි.

මුලදී මෙම පුවරුවට නාමයන් එකතු වූයේ ටෙස්ට් තරගවලදී දක්වන දස්කම් දක්වන ක්‍රීඩකයින්ගේ නාමයන් පමණක්වන අතර පසුකාලීනව ලෝර්ඩ්ස් පිටියේදී එක්දින දක්ෂතා දක්වන ක්‍රීඩකයින්ගේ නාමයන්ද එකතු වුණා.