මානුෂිය සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වෙයි

මානුෂිය සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වෙයි

ගාසා තීරයේ දරුවන්ට පෝලියෝ එන්නත ලබාදීම සඳහා මානුෂිය සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ගාසා තීරයේ ළමයින් හයලක්ෂ හතලිස්දහසක් පමණ එන්නත් කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉලක්කයි.

එම කටයුතු ලබන ඉරිදා ආරම්භ කිරීමට නියමිතයි.

ගාසා තීරයේ මධ්‍යම ,දකුණු සහ උතුරු කොටස වශයෙන් අදියර තුනකින් එම එන්නත් ලබාදීම සිදුකෙරුණු ඇති.

සෑම එන්නත් දිනයකදීම පෙරවරු 6ත් පස්වරු 3ත් අතර අඛණ්ඩව සටන් විරාම ලබාදීමට ඊශ්‍රායලය එකග වු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

ගාසා තීරයේ දරුවන්ට එන්නත් ලබාදීමේ කටයුතු පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය , ලෝක සෞඛ්‍ය සංවිධානය , යුනිසෙෆ් ආදි ආයතන එක්ව සිදුකෙරෙණු ඇති.

එන්නත ලබාදීම සඳහා සෞඛ්‍ය හා ප්‍රජා සත්කාරක සේවකයන් 2000කට අධික පිරිසක් පුහුණු කර තිබෙනවා.

https://shorturl.at/9li9w

COMMENTS