ගෝඨාගේ ආණ්ඩුව බිඳ දැමූ කුමන්ත්‍රණකාරීන්ට යළි ඉඩක් දෙන් නෑ

ගෝඨාගේ ආණ්ඩුව බිඳ දැමූ කුමන්ත්‍රණකාරීන්ට යළි ඉඩක් දෙන් නෑ

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බිද දැමු කුමන්ත්‍රණකාරි කණ්ඩායමට යළි එවැනි දෑ සිදුකිරිමට ඉඩ නොතබන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ආර්ථිකය ඉහළ නංවා ජනතාවට සතුටින් ජිවත් විය හැකි පරිසරයක් උදා කර දිම තම අපේක්ෂාව බවද ඒ මහතා කියා සිටිනවා.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කෙරෙන ජන හමුවක් කළුතර උතුර දුම්රිය ස්ථානය අසලදි පැවැත්වුණා.

ඊට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. කිහිපදෙනෙකුම ජන හමුව ඇමතුවා.

COMMENTS