ශ්වසන රෝග මරණ සංඛ්‍යාවේ ඉහළ යෑමක්

ශ්වසන රෝග මරණ සංඛ්‍යාවේ ඉහළ යෑමක්

ශ්වසන රෝග සහ නියුමෝනියා රෝග තත්ත්වයන් හේතුවෙන් රෝහල්වල සිදුවන මරණ සංඛ්‍යාවේ ඉහළ යෑමක් පෙන්නුම් කර තිබෙනවා.

පසුගිය දශකය තුළ රෝහල්වල සිදුවූ මරණ පිළිබඳ දත්ත සංසන්දනය කිරීමේදී ඇදුම සහ පෙනහළු රෝග හමුවේ මෙලෙස මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

පසුගිය දා කොළඹ පැවති ශ්වසන සෞඛ්‍ය පිළිබද ගෝලීය පරීක්ෂණ ඒකකයේ වාර්ෂික විද්‍යාත්මක රැස්වීමේදී මේ බව අනාවරණය වී තිබුණා.

එහිදී 2017 වර්ෂය තුළ මෙරට රෝහල්වල සිදුවූ මරණවලින් සියයට 18ක් ශ්වසන රෝග හේතුවෙන් සිදුව තිබෙනවා.

වායුගෝලයේ ගුණාත්මක භාවය අඩුවීම, ග්‍රාමීය කාන්තාවන් ආහාර පිසීමේදී නිකුත්වන දුමට නිරාවරණය වීම සහ දුම් පානය, ශ්වසන රෝග ඇතිවීමට ප්‍රධාන ලෙස හේතුවී ඇති බව සඳහන්.