බොරැල්ලේ කෝවිද හිමියන් අපවත් වෙයි – ආදාහන පූජෝත්සවය 03වනදා
අපවත්වී වදාළ, කොළොන්නාව ශ්‍රී මහා බෝධි විහාරාධිපති විචිත්‍ර ධර්ම කථික පූජ්‍යපාද බොරැල්ලේ කෝවිද හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ලබන 03වනදා (අඟහරුවාදා) පැවැත්වීමට නියමිතයි.
එදින පස්වරු 4:00ට කොළොන්නාව පොදු සුසාන භූමියේදී ආදාහන පූජෝත්සවය සිදු කිරීමටයි සැළසුම් කර ඇත්තේ.
දේහය මහජන ගෞරවය සඳහා හෙට (02) පෙරවරුවේ සිට කොළොන්නාව රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තැබීමට සැලසුම් කර තිබෙනවා.
ඒ, කලක් රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයී.
අපවත්වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 48ක්.