ඉන්ධන මිල අඩු වුණත් බස් ගාස්තු අඩු කරන්න බෑ

ඉන්ධන මිල අඩු වුණත් බස් ගාස්තු අඩු කරන්න බෑ

ඩීසල් මිල පහළ දැමුවද බස් ගාස්තු පහළ දැමිය නොහැකි බවයි බස් සංගම් පවසයි.

මේ අතර ඉන්ධන මිල පහළ දැමුවද තම සංගමය ඇතුළු ත්‍රිරෝද රථ සංගම්වලට ගාස්තු පහළ හෝ ඉහළ දැමීමේ බලයක් නොමැති බව, වෘත්තිය ත්‍රිරෝද රථ සංගමයේ සභාපති රෝහණ පෙරේරා පවසනවා.

අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියා.

මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් පහළ දැමුණු අතර එහි නව මිල රුපියල් 332ක් ලෙස දැක්වෙනවා

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 2කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 377ක්.

ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල ද රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 307ක් ලෙස දැක්වෙනවා.

සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් රුපියල් 352ක්.

COMMENTS