පොලිස් විශේෂ කාර් ය බලකායේ රණවිරු දිනය අදයි

පොලිස් විශේෂ කාර් ය බලකායේ රණවිරු දිනය අදයි

අද දිනය ලංකාවට වැදගත් දවසක් වෙනවා.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ රණවිරු දිනය අදට යෙදී තිබීමයි.

ඒ අනුව එහි ප්‍රධාන උත්සවය පෙරවරු 8ට කටුකුරුන්ද විශේෂ කාර්ය බලකාය පුහුණු පාසලේ දී පැවැත්වීමට නියමිතයි.

එයට සමගාමීව කතරගම, අම්පාර සහ අනුරාධපුර කඳුවුරුවල රණවිරු ස්මාරක අභියස ද සැමරුම් උත්සව පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

1984 වසරේ සැත්තැම්බර් 1 වනදා උතුරු ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් ගමන් කළ රථයක් ඉලක්ක කර එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් පුපුරුවා හැරි බෝම්බයකට හසුව පළමුවරට විශේෂ කාර්ය බලකායේ 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 11 දෙනෙකු තුවාල ලැබුවා.

කෙසේ වෙතත්, එම සිදුවීම සිහි කරමින් අද මෙලෙස විශේෂ කාර්ය බලකායේ රණවිරු දිනය අනුස්මරණය කරනු ලබනවා.

COMMENTS