චීනයේ බිහිසුණු බස් අනතුරක් – 11ක් මරුට

චීනයේ බිහිසුණු බස් අනතුරක් – 11ක් මරුට

චීනයේ සිදුවූ බස් රථ අනතුරකින් පාසල් සිසුන් ඇතුළු 11 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඉන් 5 දෙනෙකු ළමුන් වන අතර 6 දෙනෙකු දෙමාපියන් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ අනතුරින් තවත් 11 දෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

සිසුන් ප්‍රවාහනය කරන බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ධාරිතාවය ඉක්මවා ධාවනය කිරීම හේතුවෙන් අනතුර සිදුව ඇති බවට එරට බලධාරීන් සැක පළ කරනවා.

https://shorturl.at/tNO5Y

COMMENTS