යළි ඉපදුණු ඩයනා

යළි ඉපදුණු ඩයනා

1997 වසරේ ලෝකයේම කතාබහකට ලක්වූ රිය අනතුරකින් මියගිය ඩයනා කුමරිය ඕස්ට්‍රේලියානු පිරිමි දරුවෙකු ලෙස පුනරුත්පත්තිය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පුනරුත්පත්තිය පිළිබඳව තොරතුරු පවසන 8 හැවිරිදි මෙම පිරිමි දරුවා ජනප්‍රිය ගායකයෙකු, නලුවෙකු වන ඩේවිඩ් කැම්බල්ගේ පුත්‍රයායි.

බිලී නම් එම කුඩා දරුවා සිය වයස අවුරුදු 2 සිට ඩයනා කුමරියගේ රිය අනතුර ඇතුළු කරුණු සම්බන්ධයෙන් අසාමාන්‍ය ප්‍රකාශ සිදුකර ඇති අතර එම ප්‍රකාශයන් ඩයනාගේ ජීවිතය පිළිබඳ සනාථ කළ හැකි ඒවා වූ බවයි එම පවුලේ ඥතීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

බිලී නම් කුඩා දරුවාට ඩයනා කුමරියගේ ඡායාරූපයක් පෙන්වූ විට තමන් කුමරියක් ලෙස පවසන අතර මාර්ගයේ ඇතැම් රිය අනතුරු හෝ සයිරන් නලා හඬ ඇසුණු විට ඔහු බලවත් ලෙස කම්පාවට පත්වන බව සඳහන්.

ඩයනාගේ ජීවිතය පිළිබඳ ඔහු පවසන තොරතුරු අනුව වඩාත් කැපී පෙනෙන ප්‍රකාශයක් ලෙස බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ස්කොට්ලන්ත වාසස්ථානය වන බැල්මොරල් කාසල් පිළිබඳව ආකර්ෂණීයව විස්තර කිරීම බිලීගේ මව්පියන් මෙන්ම බ්‍රිතාන්‍ය රජ පවුලම මවිත කරන කරුණක්.

https://shorturl.at/N8sLI

COMMENTS