රුසියාවෙන් යුක්‍රේනයට දරුණු මිසයිල ප්‍රහාරයක් – 51ක් මරුට

රුසියාවෙන් යුක්‍රේනයට දරුණු මිසයිල ප්‍රහාරයක් – 51ක් මරුට

රුසියාව ඊයේ එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් 51 දෙනෙකු මිය ගිය බව යුක්‍රේනය පවසනවා.

මධ්‍යම යුක්‍රේනය පෝල්ටෝවා නගරයට එල්ල කළ රුසියානු මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයින් 51 දෙනෙකු මියගොස් තවත් 271 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

යුක්‍රේන හමුදා ඇකඩමියකට හා රෝහලකට මෙලෙස පහර දී තිබෙනවා.

එම ප්‍රහාරයෙන් හමුදා සාමාජිකයන් ද මිය ගොස් ඇති බව බව යුක්‍රේනය හමුදාව තහවුරු කරනවා.

යුක්‍රේනය ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ ගුවන් ප්‍රහාර එල්ල වන බවට සීනු නාද වුවද ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා ගමන් කිරීමට ප්‍රමාණවත් කාලයක් නොමැති වූ බවයි.

යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි පැවසුවේ මෙම ප්‍රහාරය සඳහා රුසියාවට වන්දි ගෙවීමට සිදු වනු ඇති බවයි.

කෙසේ වෙතත් ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් ප්‍රකාශයක් කර නැහැ.

https://shorturl.at/j1ovF

COMMENTS