ජනාධිපතිවරණය ගැන සිතා ඩෙංගු අමතක කරන්න එපා

ජනාධිපතිවරණය ගැන සිතා ඩෙංගු අමතක කරන්න එපා

මේ වන විට ඩෙංගු උවදුර යලි හිස ඔසවමින් යන තත්ත්වයක් නිරීක්ෂණය වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.

එය තවදුරටත් වැඩිවෙමින් පැවතියහොත් වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවටයි ඔහු අනතුරු අඟවන්නේ.

රටේ පවතින දේශපාලනික වාතාවරණය මත ජනතාව තම අවධානය නොතබා තම පදිංචි ස්ථාන පිරිසිඳු කර ගැනීමටත් , ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර දැමීමටත් සිහි තබා ගත යුතු බව ඔහු අවධාරණය කළා.

එසේ නොකර ජනාධිපතිවරණයට වැඩි ඉඩක් දී ඩෙංගු උවදුර නොසලකා හැරියහොත් ජනතාවට භයානක ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවණු ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂක උපුල් රෝහණ සඳහන් කළේ.