පැරාලිම්පික් පදක්කමක් දිනූ පළමු ගැබිණි දුනුවිදීමේ ක්‍රීඩිකාව

පැරාලිම්පික් පදක්කමක් දිනූ පළමු ගැබිණි දුනුවිදීමේ ක්‍රීඩිකාව

පැරාලිම්පික් පදක්කමක් දිනූ පළමු ගැබිණි පැරා ක්‍රීඩිකාව ලෙස මහා බ්‍රිතාන්‍යයේ දුනුවිදීමේ ක්‍රීඩිකා ජෝඩි ග්‍රින්හැම් සමත්වුණා.

එහිදී පැරාලිම්පික් පදක්කමක් දිනූ පළමු ගැබිණි පැරා ක්‍රීඩිකාව ලෙසට ඇය ඉතිහාසගතවනවා.

31 හැවරිදි ජෝඩි ග්‍රින්හැම් සත් මසක දරු ගැබක් කුසේ දරා ගෙන මෙවර පැරාලිම්පික් උළෙලට සහභාගිවන අතර ඇය කාන්තා දුනුවිදීමේ තරගයේදී ලෝකඩ පදක්කම දිනා ගත්තා.

එමෙන්ම ජෝඩි ග්‍රින්හැම් සිය සහෝදර ක්‍රීඩක නේතන් මැක්වීන් සමග එක්ව මිශ්‍ර කණ්ඩායම් දුනුවිදීමේ ඉසව්වේ රන් පදක්කම ද මහා බ්‍රිතාන්‍යයට දිනා දෙන්නටත් සමත් වුණා.

COMMENTS