ඉතාලි නගරයක ක්‍රිකට් තහනම් කරයි

ඉතාලි නගරයක ක්‍රිකට් තහනම් කරයි

ඉතාලියේ මොන්කොල්ෆොනෙ නගරය තුළ ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කිරීමට එම නගරයේ බලධාරීන් කටයුතු කර තිබේ.

එම නගරයේ 30%ක් පමණ ජීවත් වන්නේ විදෙස් රටවලින් පැමිණි පිරිසයි.

ඉන් ද බහුතරය බංග්ලාදේශ ජාතිකයින් වෙයි.

90 දශකයේදී සුඛෝපභෝගී නෞකා ගොඩනැගීම සඳහා ඔවුන් එම ප්‍රදේශයට පැමිණ තිබුණි.

එවැනි තහනමක් පැනවීමට හේතුව වශයෙන් එහි නගරාධිපතිනිය පෙන්වා දෙන්නේ එම නගරයේ සංස්කෘතික අගයන් තර්ජනයකට ලක්වී ඇති බවයි.

මෙම නගරය පාලනය කරනු ලබන්නේ උග්‍ර දක්ෂිණාංශික ලීග් පක්ෂයේ නගරාධිපතිනිය කි.

ඔවුන් සංක්‍රමණික විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.

https://shorturl.at/6TkFP