ජෝ බයිඩන්ගේ පුත්‍රයා චෝදනා 9කට තමා වරදකරු බව පිළිගනී

ජෝ බයිඩන්ගේ පුත්‍රයා චෝදනා 9කට තමා වරදකරු බව පිළිගනී

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ පුත්‍රයා වන හන්ටර් බයිඩන්ට එරෙහි බදු නඩුවේ චෝදනා 9ටම තමා වරදකරු බව ඔහු පිළිගෙන තිබෙනවා.

2016/2019 අතර කාලයේදී ඇමෙරිකා ඩොලර් මිලියන 1.4ක බදු මුදලක් ගෙවීම් පැහැර හැරීමට එරෙහිවයි හන්ටර් බයිඩන්ට එරෙහිව අධිකරණය ඉදිරියේ නඩු ගොනුකර තිබුනේ.

එම චෝදනාවන්ට තමා නිවැරදිකරු බව මිට පෙර දී හන්ටර් බයිඩන් සඳහන් කළා.

එමෙන්ම තම නිර්දේශී භාවය තබා ගනිමින් චෝදනා පිළිගන්නා බවත් අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවත් ඔහු අධිකරණය ඉදිරියේ පැවසුව ද අධිකරණය ඊට ඉඩ ලබා නොදීම හේතුවෙන් හන්ටර් බයිඩන්ට සියලු චෝදනාවන්ට තමා වරදකරු බව පිළිගැනීමට සිදුවුවා.

ගිනි අවියක් ලබා ගැනීමට සාවද්‍ය තොරතුරු ලබා දීම හා මත්ද්‍රව්‍ය භාවිතා කිරීම සම්බන්ධයෙන් මීට මාස 3කට පෙර ද ඔහු අධිකරණය ඉදිරියේ වරදකරු වුවා.

https://shorturl.at/UX8OV

COMMENTS