එක් රැයකදී යුක්‍රේනයට ඩ්‍රෝන ප්‍රහාර 67ක්

රුසියාව විසින් එක් රැයකදී දිගු දුර ඩ්‍රෝන ප්‍රහාර 67ක් එල්ල කල බව යුක්රේනය පවසනවා.
යුක්රේන ගුවන් හමුදාව ප්‍රකාශ කර ඇත්තේ ඉන් 58 ක් ම බිම හෙලීමට සමත් වූ බවයි.
යුක්රේනය පුරා කලාප 11ක ගුවන් ආරක්ෂක ඒකක ක්‍රියාත්මක කර ඇතැයිද ඔවුන් පෙන්වා දෙනවා.
පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසලින්ද ඩ්‍රෝන සුන්බුන් හමු වී ඇති බවයි විදෙස් වාර්තා දක්වන්නේ.