නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදන්න හෙට විශේෂ දිනයක්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදන්න හෙට විශේෂ දිනයක්

ජනාධිපතිවරණයට අදාළව හෙට විශේෂ දිනයක් ලෙස නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදා හරින බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ ප්‍රකාශ කළා.

කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ, ලබන 11, 12, 13 සහ 14 යන දිනවලදීද ඡන්ද පත්‍රිකා නිවෙස්වලට බෙදාහරින බවයි.

මේ අතර, ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද භාවිතය 80% ක් පමණ වන බව ද ඔහු සඳහන් කළා.

කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 95% ක් පමණ භාවිතා කර ඇති බවත් අදාළ කාලය තුළ කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැති බවත් කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ජනක කුමාර සදහන් කළා.

COMMENTS