හිටපු ජනාධිපතිවරුන්ට මහජන මුදලින් ලබාදී තිබෙන වරප්‍රසාද සියල්ලම අහෝසි කරනවා

හිටපු ජනාධිපතිවරුන්ට මහජන මුදලින් ලබාදී තිබෙන වරප්‍රසාද සියල්ලම අහෝසි කරනවා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මෙරට කෘෂිකර්මාන්තය පිළිබඳ කිසිදු දැනීමක් නැති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (06) මරදන්කඩවල පැවැති ජන රැලියකට එක්වෙමින්.

පසුගිය දිනක රනිල් වික්‍රමසිංහ කියා සිටියා බණ්ඩි පොහොර ලබා දීමක් පිළිබඳ, මේ වන විට යලමහ කන්නය කපා අවසන් බව රනිල් වික්‍රමසිංහ නොදන්නා බව අනුර කුමාර දිසානායක කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් පල කල අනුර කුමාර දිසානායක

“දැන් ඉන්න ඇමති මණ්ඩලය දිහා බලන්නකෝ. පශු සම්පත් ඇමතියෙක් පැත්තක ඉන්නවා. ඊට අමතරව කිරි හරක් බලාගන්න ගව සම්පත් ඇමතියෙකුත් ඉන්නවා. වාරිමාර්ග ඇමතියෙක් ඉන්නවා. සුළු වාර්මාර්ග ඇමතියෙක් වෙනම ඉන්නවා. මහවැලි ඇමතියෙකුත් ඉන්නවා. පේනවනේ බෙදාගෙන කාපු විදිය. අපේ ආණ්ඩුව යටතේ මේ කෑලි කඩලා, දේශපාලන හිතවත්කමට බෙදාදී ඇති සියලු අමාත්‍යාංශ විද්‍යාත්මක ඒකාබද්ධ කිරීමකට ලක්කරලා, විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් හදනවා. අපි බලයට ඇවිත් පළමු කැබිනට් මණ්ඩලය රැස්වෙලා තීන්දු කිහිපයක් ගන්නවා. මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි. මන්ත්‍රීවරුන්ට ලබාදෙන බාර් පර්මිට් අහෝසියි. පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට දෙන කාර් පර්මිට්ද අහෝසියි. ඇමතිවරුන්ගේ ගෙවල්වල ලයිට් බිල්, වතුර බිල්, ආණ්ඩුවෙන් ගෙවන්නේ නැහැ. මැති ඇමතිලා පිටුපස ආණ්ඩුවේ වාහන හත අටක් යන්නේ නැත. කාර් එකේ දොර අරින්න පොලීසියේ මහත්තුරු දෙන්නේ නැත. හිටපු ජනාධිපතිවරුන්ට මහජන මුදලින් ලබාදී තිබෙන වරප්‍රසාද සියල්ලම අහෝසියි ” යනුවෙන්

COMMENTS