තැපැල් ඡන්ද පත්‍රිකාවක් ඡායාරූපගත කළ විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට

තැපැල් ඡන්ද පත්‍රිකාවක් ඡායාරූපගත කළ විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට

තැපැල් ඡන්දය සළකුණු කළ පත්‍රිකාවක් ඡායාරූපගත කිරීමේ චෝදනාවකට මුලතිව් ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ විදුහල්පතිවරයා පසුගිය හය වනදා මුලතිව් අධ්‍යාපන කාර්යාලයේදී තැපැල් ඡන්දය භාවිතා කරන අතරතුර ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ.

ඡන්ද පත්‍රිකාව ඡායාරූපගතකරන අයුරු නිරීක්ෂණය කළ මැතිවරණ කොමිසන් සභාවේ නිලධාරීන් අදාළ විදුහල්පතිවරයාගේ ජංගම දුරකතනය පරික්ෂාවට ලක්කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය දැනුවත් කිරීමෙන් පසු අදාළ විදුහල්පතිවරයා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

COMMENTS