දළදා මාළිගය තුළ යුවළක් කළ ප්‍රී ෂූට් එක ගැන විශේෂ විමර්ශනයක්

දළදා මාළිගය තුළ යුවළක් කළ ප්‍රී ෂූට් එක ගැන විශේෂ විමර්ශනයක්

පසුගියදා විවාහ ගිවිස ගත් යුවළක් ඓතිහාසික ශ්‍රී දළදා මාලගාව තුළ ප්‍රී ෂූට් එකක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

දළදා මැදුර තුළ හේවිසි මණ්ඩපය, අම්බරාව ඇතුළු ස්ථාන ගණනාවක මෙම යුවළ ඡායාරූපවලට පෙනී සිට ඇති අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය තුළද බරපතළ කතාබහක් ඇතිව තිබෙනවා.

ශ්‍රී දළදා මාලිගාව තුළ මේ ආකාර සිදුවීමක් වී තිබෙන බව තමන්ටද දැන ගන්නට ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දීමක් කළ බවත් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළා.

අදාළ යුවළ හා ඡායාරූප ශිල්පීයා හෙට (09) දිනයේ මහනුවරට කැඳවා මේ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා.

ශ්‍රී දළදා මාලිගාව වැනි පූජනීය ස්ථානයක මේ ආකාරයෙන් ප්‍රී ෂූට් කිරීමට ඉඩ ලබා දීමෙන් දෙස් විදෙස් ජනතාවගේ ඇති ගෞරවයට පවා හානි සිදුවිය හැකි බවයි බෞද්ධ සංවිධාන පවසන්නේ.