නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනය අද

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනය අද

අද (08) දිනය 2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති නිසා අද පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වාම එම කටයුතු සිදු කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම පසුගිය 03 වනදා ආරම්භ වු අතර, මේ වනවිට ලක්ෂ 30ක පමණ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් බෙදාහැර තිබේ.

මේ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසා සිටියේ, අද ඉරිදා දිනයක් වුවත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවය.

එනිසා අද දිනයේ නිවසේ රැඳී සිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අත්සන් සහිතව ලබාගන්නා ලෙස හෙතෙම ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කර සිටියේ ය.

කෙසේ නමුත් මෙම ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු මේ මස 14 වනදා දක්වා සිදුකිරීමට නියමිතය.

COMMENTS