ෂාරුක් බදු ගෙවීමේ ලැයිස්තුවේ පෙරමුණට

ෂාරුක් බදු ගෙවීමේ ලැයිස්තුවේ පෙරමුණට

ඉන්දියාවේ ප්‍රකට පුද්ගලයන් අතුරින් සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් මේ වසරේ ආදායම් බදු ගෙවීමේ ලැයිස්තුවේ පෙරමුණට පත්ව තිබෙනවා.

ඉන්දියාවේ ප්‍රකෝටිපතියන්ගේ ලැයිස්තුවට මෑතකදී එක්වූ ෂාරුක් මේ වසරේදි ආදායම් බදු වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 92ක් ගෙවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කොලිවුඩ් සුපිරි නළු විජේයි රුපියල් කෝටි 80ක් ගෙවා ඇති අතර, ඔහු දෙවැනි ස්ථානයේ පසුවනවා.

රුපියල් කෝටි 75ක ආදායම් බදු ගෙවූ සල්මාන් ඛාන් තුන්වැනි ස්ථානයේ පසුවන වන අතර, ප්‍රවීණ නළු අමිතාබ් භච්චන් රුපියල් කෝටි 71ක් ගෙවා එම ලැයිස්තුවේ හතර වන ස්ථානයේ පසුවනවා.

එමෙන්ම ඉන්දීය ක්‍රිකට් පිලේ සුපිරි ක්‍රීඩක විරාත් කෝලි රුපියල් කෝටි 66ක ආදායම් බදු ගෙවා පස්වන ස්ථානයේත්, රුපියල් කෝටි 42ක් ගෙවූ බොලිවුඩ් නළු අජේ දේව්ගන් 6 වන ස්ථානයේත් පසුවනවා. මහේන්ද්‍ර සිං දෝනි රුපියල් කෝටි 38ක්, රන්බීර් කපූර් රුපියල් කෝටි 36ක්, බොලිවුඩ් නළු රිතික් රෝෂන් සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් ඉන්දීය රුපියල් කෝටි 28 බැගින් ගෙවා 9 සහ 10 ස්ථානවල පසුවන බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

https://shorturl.at/acNSy