වතු කම්කරුවන්ගේ වැටුප ගැන තීරණයක්
වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1,350ක් සහ අමතර දළු කිලෝවක් සඳහා රුපියල් 50ක දීමනාවක් ලබාදීමට පඩි පාලක සභාවේ අද (10) පැවැති සාකච්ඡාවකදී එකඟතාවයකට පැමිණි බව කම්කරු රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් ප්‍රකාශ කළා.
එම සාකච්ඡාවට වතු හාම්පුතුන් සහ වතු වෘත්තීය සමිති ද එක්ව සිටි බවයි ඔහු කියා සිටියේ.
එම තීරණය අද (10) සිට ක්‍රියාත්මක කිරීමට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කම්කරු කොමසාරිස්වරයා පියවර ගනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් සඳහන් කළා.