“ජූලියන් ඇල්ෆ්‍රඩ් දිනය” නමින් නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කරයි

“ජූලියන් ඇල්ෆ්‍රඩ් දිනය” නමින් නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කරයි

ශාන්ත ලුසියාවේ ඔලිම්පික් රන් පදක්කමක් දිනූ පළමු මලල ක්‍රීඩිකාව බවට පත් වූ ජූලියන් ඇල්ෆ්‍රඩ්ට ගෞරවයක් වශයෙන් “ජූලියන් ඇල්ෆ්‍රඩ් දිනය” නමින් සැප්තැම්බර් 27 එරට ජාතික නිවාඩු දිනයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඇය මීටර 100 ඉසව්වෙන් තත්පර 10.72ක් වාර්තා කරමින් ජාතික වාර්තාවක් සමඟින් රන් පදක්කම් හිමිකර ගනිමින් ඉතිහාසගත වූ අතර, මීටර් 200 ඉසව්වෙන් රිදී පදක්කමක් ද දිනා ගත්තාය.

ඇයගේ මෙම අසාමාන්‍ය ජයග්‍රහණයට පෙර ශාන්ත ලුසියන් කිසිවෙක් ඔලිම්පික් පදක්කමක් දිනාගෙන නොතිබුණි.

ඔලිම්පික් ජයග්‍රහණයෙන් පසු ප්‍රථම වරට ඇය සැප්තැම්බර් 24 වැනිදා නැවත ශාන්ත ලුසියා වෙත පැමිණේ.

එදින ඇය ශාන්ත ලුසියා වෙත ආපසු පැමිණෙන විට සැමරුම් ආරම්භ වන අතර, එහිදී ඇය නැගෙනහිර වෙරළ දිගේ රථ පෙළපාලියකින් පිළිගැනීමට නියමිත බවයි වාර්තා සඳහන් කරන්නේ.

https://shorturl.at/QsffI