ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් 26
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝබර් 26 වෙනිදා පැවැත්වීමට දින නියම කර තිබේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ ව නාමයෝජනා භාරගැනීම ඉකුත් 09 වනදා ආරම්භවූ අතර එය අද (12) මධ්‍යහ්න 12න් අවසන් කෙරුණි.
ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 09ක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් නාමයෝජනා පත්‍ර භාරදී තිබේ.
- ජනසෙත පෙරමුණ
- ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
- සමගි ජන බලවේගය
- පොදුජන එක්සත් පෙරමුණ
- පොදුජන එක්සත් නිදහස් සන්ධානය
- ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය
- ජාතික ජන බලවේගය
- ජාතික ජනතා පක්ෂය
- දෙවන පරපුර පක්ෂය
මේ අතර ස්වාධීන කණ්ඩායම් 02ක් නාමයෝජනා පත්‍ර භාරදී ඇති අතර ඇප තැබූ ප්රජාතන්ත්රවාදී ජනතා කොංග්‍රසය නාමයෝජනා පත්‍ර ඉදිරිපත් කර නොතිබුණි.