ගාසා හි පාසලකට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයකින් 18ක් මරුට

ගාසා හි පාසලකට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයකින් 18ක් මරුට

ඊශ්‍රායල හමුදාව විසින් මධ්‍යම ගාසා තීරයේ එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන පාසලකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පිරිස අතර එම සංවිධානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 06 දෙනෙකු ද වන බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 41,084 ක් මිය ගොස් 95,029 ක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කළා.

COMMENTS