ධනුෂ්ගේ රතු කාඩ්පත ඉවත් කරයි

ධනුෂ්ගේ රතු කාඩ්පත ඉවත් කරයි

දමිළ චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේ කවුන්සිලය (TFPC) ධනුෂ්ට එරෙහිව වෘත්තීය විරෝධි හැසිරීමක් පවසමින් මීට පෙර රතු කාඩ්පතක් නිකුත් කර තිබුණා.

නිෂ්පාදකයින්ගෙන් අත්තිකාරම් මුදල් ලබාගෙන ව්‍යාපෘති අතහැර දැමූ බවට නළුවාට චෝදනා එල්ල වූ අතර මේ වන විට ධනුෂ්ට එරෙහිව කවුන්සිලය රතු කාඩ්පත ඉවත් කිරීමත් සමඟ ප්‍රශ්නය විසඳී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසා සිටින්නේ.

දෙමළ චිත්‍රපට නිෂ්පාදකරුවන්ගේ කවුන්සිලයේ රතු කාඩ්පතක් යන්නෙන් අදහස් වන්නෙ මෙම නළුවන්ට නැවත දැනුම් දෙන තුරු කිසිදු කොලිවුඩ් නිෂ්පාදකවරයෙක් හා සහයෝගයෙන් කටයුතු කිරීම තාවකාලිවක තහනම් වන බවයි.

නළුවෙකුට නව ව්‍යාපෘතියක් සිදු කිරීමට අවශ්‍ය නම් නිෂ්පාදකයින් හා ඇති ආරවුල් පළමුව විසඳා ගත යුතු වනවා.

මින් ඉහත කොලිවුඩ් නළු ‘වඩිවේලූ’ට ද මෙවැනි තහනමක් පැනවූ අතර, වසර 5ක් ඔහු රංගනයෙන් ඉවත් ව සිටියා.

ෆයිව් ස්ටාර් ක්‍රියේෂන් වෙත පොලී සමඟ අත්තිකාරම් මුදල ආපසු ගෙවා තේනන්දල් ෆිල්ම්ස් සඳහා වූ ඔහුගේ සහභාගිත්වය පොරොන්දු වීමත් සමඟ මෙම තහනම ඉවත් වූවා.

චිත්‍රපට කවුන්සිලය ප්‍රකාශ කර ඇත්තේ, “ධනුෂ් නිෂ්පාදකයින් කිහිප දෙනෙකුගෙන් අත්තිකාරම් ලබාගෙන ඇති තත්වයක් තුළ, නළු ධනුෂ් රඟපාන නව චිත්‍රපටවල වැඩ ආරම්භ කිරීමට පෙර දෙමළ චිත්‍රපට නිෂ්පාදකයින්ගේ සංගමයෙන් උපදෙස් ලබා ගන්නා ලෙසයි.

කෙසේ වෙතත්, ගැටළුව අවසානයේ විසඳී ඇති අතර, අනාගතයේදී ධනුෂ් ඇතුළත් ආකර්ෂණීය නිර්මාණ රසිකයන්ට අපේක්ෂා කළ හැකිය.

https://shorturl.at/FHheP